Local

සිංහල අලුත් අවුරුදු උත්සවයක් ඊශ්‍රායලයේදී – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෝ 2,000කට වැඩි පිරිසක් එක්වෙති

Thursday, 18 April 2024 - 8:16 am

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් ඊශ්‍රායලයේදී පවත්වා තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායලයේ ප්‍රජාව හා එක්ව සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමරා තිබෙන අතර ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 2,000කට අධික සංඛ්‍යාවක් සමඟ ජෙරුසලමේ සචර් උද්‍යානයේ පැවැත්වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජා කණ්ඩායම් වන ජෙරුසලම් ක්‍රිකට් සමාජය සහ ජෙරුසලම් තරුණ සංවිධානය ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දැක්වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අලුත් අවුරුදු උත්සවයේ දී ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සහ ඊශ්‍රායල ජාතිකයන් උත්සව සඳහා සහභාගි වී තිබෙන අතර වැඩසටහනෙන් අනතුරුව සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා, වැඩිහිටියන්ට හා ළමයින්ට සංස්කෘතික සංදර්ශන ද පවත්වා තිබේ.

සමාරම්භක උත්සවයට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සහ හයිෆා සහ උතුරු ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් ඇනට් බර්න්ස්ටයින්-රීච්, ඊශ්‍රායලයේ නීමා බැංකුවේ නියෝජිත සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් සහභාගි වී ඇත.

ජනප්‍රිය නිවේදක හරීන්ද්‍ර ජයලාල්,ටෙලි නාට්‍ය නළු නිළියන් වන ප්‍රියන්ත සෙනෙවිරත්න, පියුමි බොතේජු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT