Local

කැස්බෑව ඉන්ධන හලේ ගින්න තත්පර 25න් නිවා දමයි

Wednesday, 17 January 2024 - 10:54 am

කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම්හලක තටාකයට බවුසරයකින් (15) දහවල් ඉන්ධන ගොඩබාමින් සිටියදී හදිසියේ ගින්නක් ඇතිවී සිදුවීමට ගිය විශාල විනාශයක් තත්පර 25ක සුළු කාලයක් තුළ මැඬපැවැත්වීමට එහි සේවකයන් ප්‍රමුඛ කණ්ඩායමකට හැකි වී ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් නොවීය.

පෙට්‍රල් ඉන්ධන රැගෙන ආ බවුසරය තටාකය අසල නවතා ඉන්ධන යොමු කරමින් සිටියදී බවුසරයේ නළය හා තටාකයේ යකඩ බට අතර ගැටී අඩි පහළොවක් පමණ උසට ඒ තුළින් නැඟී ආ විශාල ගිනිදැල්ලක් බවුසරයේ ඉහළටම වන්නට හටගෙන ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

තෙල් ගොඩ බාන අතරවාරේ එම කටයුත්ත කෙරෙහි සුපරික්ෂාකාරීව සිටි බවුසරයේ රියැදුරු, සහායක සහ ඉන්ධන හලේ සේවකයන් ගින්න හට ගැනීමත් සමඟම බවුසරය එම ස්ථානයෙන් වහා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟම සෙසු සේවකයන් ගිනි නිවීමේ උපකරණ භාවිත කරමින් තටාකය තුළින් ඇවිළෙන ගින්න පැතිරීමට ඉඩ නොදී විනාඩි කිහිපයක් තුළදී නිවා දැමීමට කටයුතු කෙරිණි.

ගින්න හට ගන්නා අයුරු සහ ගින්න නිවා දැමීමට සේවකයන් යුහුසුලුව කටයුතු කරන අයුරු ඉන්ධන හලේ සීසීටීවී කැමරාවේ ද සටහන් වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT