ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධන මහතාගේ 123වන ජන්ම දිනය පෙරේදාට (11) යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් අවිස්සාවේල්ල බොරළුගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන සමාධියට පුෂ්පෝපහාර දැක්වීම, මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කොළඹ හිටපු පුරපති ප්‍රසන්න ගුණවර්ධන, හිටපු ඇමැති ගීතාංජන ගුණවර්ධන, මහජන එක්සත් පෙරමුණේ තරුණ සංවිධානයේ ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.