Local

හොර පාරෙන් ගෙනා බීඩි කොළ කිලෝ 2583ක් අධිශිතකරණ ලොරියේ

Monday, 15 January 2024 - 11:03 am

විදේශයකින් නීති විරෝධි ලෙස ගෙන්වන ලද බීඩි කොළ කිලෝ 2583ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සුරාබදු නිලධාරීන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සමඟ 14දා අලුයම මිල්ලගොඩදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. අධිශීතකරණ ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබූ උර 85 කින් යුතු මෙම බීඩි කොළ තොගය නිකවැරටිය කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද මෙම නීති විරෝධී බීඩි කොළ තොගය නොරොච්චෝල, දලුව, කලපුව ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කරමින් සිටි බවට හා සැකකරුවන් පුත්තලම, නුවර, ගොකරැල්ල පදිංචි අයවලුන් බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව, කුරුණෑගල දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙද මුල්ල මහතාගේ අධීක්ෂණයෙන්, නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජේ. නන්දන මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් වැටලීම සිදු කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT