Local

දේශීය කුළුබඩු සඳහා අන්තර්ජාලය ඔස්සේ තරඟකාරී වෙළෙඳපොළක්

Tuesday, 30 January 2024 - 9:52 pm

අපනයන භෝග සඳහා විදේශීය වෙළඳපොළ සකස් කිරීමේ දී මාර්ගගත ක්‍රමයට පාරිභෝගිකයන් සම්බන්ධ කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වැවිලි කර්මාන්ත හා මහවැලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ජාත්‍යන්තර තේ වෙළෙඳ පොළේ මෙන් දේශීය කුළුබඩු සඳහා අන්තර්ජාලය ඔස්සේ තරඟකාරී වෙළෙඳ පොළක් සකස් කරන බව ද ඒ මහතා කීය. නව රාජ්‍ය අමාත්‍යධුරයට පත් ලොහාන් රත්වත්ත මහතා අද (30) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ගැටඹේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.‍

කෘෂිකර්ම,වැවිලි කර්මාන්ත ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ඒකරාශී වීම තුළින්  තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු වන බවත් වෙන් වෙන්ව තිබුණු අමාත්‍යංශ හා විෂයයන් ඒකාබද්ධ කිරීම මගින් තීන්දු ක්‍රියාත්මක කිරීමට තිබුණු බාධා මග හැරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ගන්නෝරුවේ පිහිටි උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය නිරීක්ෂණයකට ද එක්වීය

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචර්ය තුසිත වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT