Local

අවුකන පිළිමයට කිසිදු භෞතික හානියක් සිදුව නොමැති බවට අනාවරණය වෙයි

Friday, 08 December 2023 - 5:21 pm

අනුරාධපුර ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කලාප භාර පුරාවිද්‍යා නිළධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාව සිදුකළ අතර එම වාර්තාවට අනුව මේ බව සනාථ වී ඇති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන) K.A.D.R.නිශාන්ති ජයසිංහ සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව උන්වහන්සේ පවසා ඇත්තේ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළ බවයි.

තමන් වහස්සේගේ අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණකින් සිදු නොකළ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT