Local

COSP18 සැසියට ඇමති උපාලි පන්නිල දිවයිනෙන් යයි

Sunday, 08 June 2025 - 7:51 pm

එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18) නියෝජනය කිරීම සඳහා මෙවර සැසියේ සභාපති ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව යයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18)  සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද (08)  පෙරවරු  6.45 පමණ දිවයිනෙන් පිටත්විය.

ජුනි 10 සිට 12 දක්වා දින 3ක් ඇමරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

මෙවර එහි තේමාව වන්නේ ” සමාජ සංවර්ධනය සඳහා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හා දායකත්වය පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීම” යන්නයි.

මෙවර සැසියේ විශේෂත්වය වන්නේ ආසියා පැසිපික් කලාපය නියෝජනය කරමින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය ඉසිලීමයි.

පාර්ශව රාජ්‍යන් 190ක නියෝජිතයන් මෙම සමුළුව සඳහා සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ජුනි 10 වනදා  සැසිය ඇමතීමට නියමිතයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT