Local

අද බොහෝ දේශපාලකයන් කටයුතු කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුවයි

Monday, 02 September 2024 - 11:16 am

සජිත්ගේ දේශපාලන දැක්ම හා ජනපතිවරණ උපායමාර්ගය තුළ එන සත්‍යය ඉතා භයානකයි

මගේ ව්‍යායාමය රටත්, ජනතාවත් ආපදාවකින් බේරා ගැනීමටයි

නායකයන් පුහුණු කිරීමට මෙය අවස්ථාව නොවන බවත් මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

තමන් තෝරා ගන්නා අපේක්ෂකයාට රටක් පාලනය කළ හැකිද යන කාරණය වරක් නොව සිය දහස් වරක් කිරා මැන බැලිය යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කළාය.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ භයානක සිදුවීමක් පිළිබඳ මා පසුගියදා රටට හෙළිදරව් කළද මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රචාරය වන්නේ මා එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තනතුරට පත්වන බවකි. මෙය කිසිසේත්ම කා හට කුමන තනතුරක් ලැබෙනවාද යන්න පිළිබඳ සාකච්ඡා කරන සාමාන්‍ය අවස්ථාවක් නොවේ. එදා මා හෙළිදරව් කළේ තව සති තුනකින් සිදුවීමට නියමිත තීරණාත්මක සිදුවීමකට අදාළ මුළු රටේම අවධානය යොමු විය යුතු අතිශය භයානක කාරණයකි. එය හුදු තනතුරක් හෝ වරප්‍රසාදයක් වැනි අතිශය සරල කාරණයක් පිළිබඳ සිද්ධියක් නොවේ. මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති මා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවේ. ඉහත කී අනාගත අවදානම පිළිබඳ මේ රටත් ජනතාවත් දැනුවත් කිරීමය. එය බෙහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක සිදුවීමකි. එහෙයින් මා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේද ඒ පිළිබඳ සමස්ත රටවැසියාගේම අවධානය යොමු කරවීම සඳහා යැයිද ඇය සිය නිවේදනයේ දක්වා ඇත.

මා එදා දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ළඟාකර ගත යුතු නැති බවය. එදා මුළු රටම නොමඟ ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය මට අවබෝධ වූ සැණින් මම එය ඔබට හෙළිදරව් කළෙමි. මා මගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත් වූයේ එකී භයානක තත්ත්වය රටට හෙළිදරව් කොට රටත් ජනතාවත් ඉන් මුදාගැනීම සඳහාය. මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකණ්ණි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? මට සජිත් ප්‍රේමදාස මහතා සමඟ පෞද්ගලික ගැටලුවක් ඇත්තේ නැත. එහෙත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී මට අවබෝධ වූ සත්‍යය ඉතා භයානකය.

ඒ බව මා වහා ජනතාවට කිව යුතුය. මාගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්ත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීමය. මේ රටත් ජනතාවත් එවැනි ආපදාවකින් බේරා ගැනීම යැයිද කියයි.

එහෙයින් මෙම ජනාධිපතිවරණයේ දී ඔබ හුදු ප්‍රචාරක රැලිවලට අසුවිය යුතු නැත. ඔබ තෝරාගන්නා අපේක්‍ෂකයාට රටක් පාලනය කළ හැකි ද යන කාරණය එක් වරක් නොව සිය දහස් වරක් කිරා මැන බැලිය යුතුය. මෙය නායකයින් පුහුණු කරන අවස්ථාවක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතුය. මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවේ. එහෙයින් මේ රටේ ජනතාව තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට යළිත් පත්විය යුතු නැත.

අද බොහෝ දේශපාලනඥයින්ට එය අදාළ නොවන්නේ ඔවුන් සියලු දෙනාම තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා මිස රට ගැන හෝ ජනතාව ගැන කැක්කුමකින් කටයුතු නොකරන අය නිසාය. ඒ බවට සාක්‍ෂි කොතෙකුක් ඇත. එම නිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී හුදු සන්ධානවාදී ප්‍රචාරක ක්‍රමවලින් රටත් ජනතාවත් මුළා කරන කිසිවකුට අසුනොවී සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමකට අපේ රට ඔසවා තැබිය හැකි නායකයකු තෝරා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලමි යනුවෙන්ද ඇය සඳහන් කර තිබේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT