Local

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා

Saturday, 02 March 2024 - 8:00 am

  • “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය මාර්තු 02 සිට 05 දක්වා හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර.

රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

එමෙන්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

මේ දිනවල දිවයින පුරා උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතිනවා. එය ජල උල්පත් සිදීයාමේ තත්ත්වයක් දක්වා බලපා තිබෙනවා. එම තත්ත්වය හමුවේ වගා කටයුතු සිදුකිරීමේ දී එක් දිනක් තුළ සම්පූර්ණ කුඹුරු යායම එකවර වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමට අප බලාපොරොත්තු වනවා. ගොයම් සිටුවීම සඳහා “පැරෂුට්” වැනි ක්‍රම භාවිතා කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ගොවි සංවිධානවලට විශේෂ වගකීමක් තිබෙනවා. සීසෑමේ දී “තැටි නඟුල” සහ “මෝල් බෝඩ් නඟුල” භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විටත් සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදුකරන ගොවි මහතුන් තම අස්වනු ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ක්‍රමය දැනට භාවිත කරන බව අවධාරණය කළ යුතුයි.

එමෙන්ම පවතින ජල ප්‍රමාණය අඩු වීම නිසා අතිරේක බෝග වගාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. බඩ ඉරිඟු සහ මුං වැනි ධාන්‍ය වගාවට යොමු වන අය වෙනුවෙන් අප උපකාර කිරීමට සූදානමින් සිටිනවා.

තේ සඳහා යොදන පොහොර වර්ග වන T -200, T- 750, U -709, U 834 , T 65 වැනි පොහොර පසුගිය කාලයේ ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් තිබුණා. නමුත් එම මිල යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට අපට හැකිවුණා. දැනට පවතින මිල තවත් අඩුකර ගැනීමට අප උත්සහ දරමින් සිටිනවා. එම නිසා රජයට අයත් සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව මෙම පොහොර වෙළඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ වගාකරුවන්ට ලබා දෙනවා. රජය ගෙන යන වැඩ පිළිවෙළට අනුව සහන මිලට පොහොර ලබා දීමෙන් තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට මහත් රුකුළක් වනු ඇතැයි මම සිතනවා. ඒ වගේම නව වගා තාක්ෂණය තේ වගාවටත් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් ව්‍යාපෘති 55ක්ම ඉතා සාර්ථක බව කිව යුතුයි. ඔවුන් අක්කරයක වගාවකින් මාසයකට තේ දළු කිලෝග්‍රෑම් 1350ක් පමණ නෙළා ගන්නවා. මේ වසරේදී අප විසින් රුපියල් මිලියන 1000ක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා.

කෘෂිකර්මාන්තය නැංවීමට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. එබැවින් එම නිවැරදි පියවර ගැනීම සම්බන්ධව ජනාධිපතිතුමාට ස්තූති කළ යුතුයි.

ඒ වගේම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙනවා. එය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මාර්තු මස 02,03,04,05 යන දිනවල පැවැත්වෙනවා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT