Local

තමිල්නාඩු මහ ඇමතිගෙන් ශ‍්‍රී ලංකාවට විරෝධය.. ජයශංකර්ටත් දන්වයි..

Thursday, 14 November 2024 - 1:57 pm

මෑත අවස්ථා දෙකකදී තමිල්නාඩු ධීවරයින් පිරිස්  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ මහතා දැනුවත් කර ඇත.

ලිපියක් යොමු කරමින් මහ ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් මේ සදහා ගත යුතු බවයි.

ධීවරයින්ගේ ජීවනෝපාය කඩාකප්පල් වී ඔවුන්ගේ පවුල්වලට දැඩි දුෂ්කරතා ඇති වී ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

නොවැම්බර් 9 වන දින ධීවරයින් 23 දෙනෙකු හා නොවැම්බර් 12 වන දින ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පවසන ඔහු 2024 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රඳවාගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සංඛ්‍යාව වසර හතකට පසු ඉහළම අගය බවත් අවධාරණය කරයි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT