Local

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනයට ජනපතිගෙන් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක්

Tuesday, 02 April 2024 - 7:29 am

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගණුදෙනු මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටළුවට සාධාරණ විසඳුමක් සහිතව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර තිබේ.

දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනී නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස්. විජේසිංහ, දුමින්ද හුලංගමුව මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා මහබැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීනත්වය ප්‍රමුඛ කර සියළු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් කරනු ඇති බවට රජයේ මුදල් කාරක සභාව අපේක්ෂා කරයි.

වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යතු බවට ද දැඩි ලෙස නිර්දේශ කර තිබේ.

අනුගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩල පාරිශ්‍රමික, විනිවිදයනසුළු ක්‍රමවේදයකට අනුව සිදු කිරීම මෙම කමිටුව විසින් කළ යුතු බවට රජයේ මුදල් කාරක සභාව ද නිර්දේශ කරයි.

ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත්, ලැබී ඇති කරුණු මත අන්‍යෝන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල්දමන ලෙසත් රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT