Local

මාතර ගංවතුර වළක්වන්න ඇති කඩිනම් විසඳුම් ගැන සාකච්ඡාවක්

Sunday, 10 November 2024 - 9:13 am

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගතවීම කෙරෙහි බලපාන හේතු සොයාබලා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා එම උපදෙස් ලබාදී ඇති අතර මාතර නිල්වලා ගඟේ ඉදිකර තිබෙන ලවණ බාධකය ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කුඹුරු වෙත කරදිය පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට එහිදී කරුණු ඉදිරිපත් වී ඇති බව සඳහන්.

ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් මෙන්ම වගා බිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේ ද යන්න සඳහා ස්ථීර විසඳුම් ලබාදීම විධිමත් අධ්‍යනයකින් අනතුරුව සිදුකළ යුතු බවට යෝජනා වී තිබෙනවා.

අදාළ අධ්‍යයනය සිදුකර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබාගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවටද ජනාධිපති ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT