Local

මාලිමාවේ හෙද සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් -cafe සංවිධානය පැමිණිලි කරයි

Tuesday, 30 July 2024 - 8:05 am

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පෙරේදා (28) පැවැති ‘ජාතික සමස්ත ලංකා හෙද සමුළුව’ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත. මෙලෙස හෙද හෙදියන් නිල ඇඳුමින් පැමිණ සිටීම පොදු දේපළ පක්ෂ දේශපාලනය සඳහා යොදාගත් අවස්ථාවක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පවසන අතර, හෙද සේවා වෘත්තිය නිල ඇඳුම මහජන මුදල් වැය කර එම වෘත්තියට ලබාදෙන වරප්‍රසාදයක් බවත්, එවැනි තත්ත්වයක් තුළ එම නිල ඇඳුම දේශපාලන කාර්යයන් සඳහා යොදා ගැනීම ආයතන සංග්‍රහය අනුව සහ මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පැවැතිය ද වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ගවල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීති විරෝධී හා සදාචාර විරෝධී බව ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. හෙද හෙදියන් මෙම සමුළුව සඳහා නිල ඇඳුමින් සහභාගිවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස ද විධායක අධ්‍යක්ෂවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන් වේ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT