Local

හොර පාරීන් මෙරටට ආ විදේශිය සතුන් ජාවාරමක් කොටුවෙයි

Wednesday, 21 August 2024 - 3:52 pm

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත් , විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද  වත්තල පොලිසිය මගින් අද (21)  අත් අඩංගුවට ගෙන තිබේ .

බම්බල් බී , ස්පයිඩර් කැළිපර් සහ බනානා යන වර්ග වලට අයත් පිඹුරන් පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් ගුවන් මගින් , සිය ගමන් මලු තුළ සගවා ගෙන , මෙරටට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

මෙම ගැට කිඹුලා ශ්‍රී ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශයක පිහිටි වැවකින් අල්ලා ගන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර මෙම එක් සතෙකු රුපියල් ලක්ෂ තුනකට ඉහළ මිළකට අලෙවි කිරීම සදහා සූදානම් කර තිබියදී මෙලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමු කර ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර මෙලෙස අත් අඩංගුවට ගත් සතුන් සහ එම සුරතල් සතුන් අලෙවි සැළේ හිමිකරු ඇතුළු සේවකයින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය .


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT