Local

මහ කන්නයේ වී මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රමයක්

Thursday, 15 February 2024 - 6:47 am

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් තම කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගනිමින් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙතින් මෙම ණය පහසුකම සපයා දී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය. .

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇත.

ණය ආපසු ගෙවීමට දින 180ක කාලසීමාවක් හිමි වේ. 15%ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබා දෙනු ඇත. ඒ අනුව අදාළ ණය ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ 11%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණි.

ගොවියාට හොඳ වී මිලක් ලබා දෙමින් පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීම මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ බව රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ ගොවියාට වී කිලෝවක් සඳහා (නාඩු කිලෝවකට රුපියල් 105/-ක, සම්බා කිලෝවකට රුපියල් 120/-ක සහ කීරි සම්බා කිලෝවකට රුපියල් 130/-ක) සහිතක මිලක් ලබාදීම වෙනුවෙන් මෙම ණය ප්‍රදානය කෙරේ.

යෝජිත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024.01.24 දිනැතිව ඉදිරිපත් කළ සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙ.ටො. 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇති ගබඩා හිමියෙකු හෝ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙකු සමඟ ඇති කර ගන්නා ලද වලංගු ගිවිසුමක් ඇති, වී තොග රැස්කරන්නන් මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම ලබයි.

කඩිනමින් තම සංගම්වල සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මේ සම්බන්ධව දැනුවත් කර අදාළ බැංකු මඟින් මෙම ණය මුදල ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ඔවුන් දිරිමත් කරන ලෙස මෙහිදී සමස්ත ලංකා සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයෙන් ඉල්ලා සිටි ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා පහසු වැඩපිළිවෙළක් මඟින් මෙම ණය යෝජනා ක්‍රමය සාර්ථක කර ගැනිමට සහාය වන ලෙස සාකච්ඡාවට එක්ව සිටි බැංකු නියෝජිතයන්ගෙන් ද ඉල්ලා සිටියේය.

ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මූල්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබූ අතර ඒ හේතුවෙන් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ආදළ රේඛීය ආයතනවල නිලධාරීන් සහ සමස්ත ලංකා සහල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT