Local

ජාතික ශූරතා මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලියේ ජයග්‍රහණය යුද හමුදාවට

Thursday, 18 January 2024 - 8:04 pm

කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනවාරි මස 13 දින සිට 17 දින දක්වා පැවැත්වූ 96 වන ජාතික ශූරතා මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම සමත් විය.

එහිදී ඔවුන් රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 10ක් හිමිකර ගනිමින් ‘වසරේ දක්ෂතම මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායමට’ හිමි කුසලානය දිනා ගැනීමට සමත් වූහ.

තරඟාවලියේ කාන්තා අංශයේ අනු ශූරතාවය යුද්ධ හමුදා කාන්තා බලකා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම හිමිකර ගත් අතර, එහිදී ඔවුන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වූහ.



පිරිමි අංශයේ දක්‍ෂතම මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයා ලෙස යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ කෝප්‍රල් කේ.ජී.සී පද්මසිරි සම්මානය දිනාගත් අතර, කාන්තා අංශයේ දක්‍ෂතම පරාජිත ක්‍රීඩිකාව වශයෙන් යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබල එම්.ජී.එම්.ටී දසුනිකා සම්මානය දිනා ගත්තාය.

මෙවර තරඟාවලියට යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් කණ්ඩායම් ඇතුළු දිවයින පුරා ක්‍රීඩා සමාජ 17 ක තරඟකරුවන් 151 දෙනෙකු සහභාගී වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT