Local

බටහිර ඔස්ට්‍රේලියා අගමැති ජනපති රනිල් හමු වෙයි

Saturday, 10 February 2024 - 7:55 am

සත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා පර්ත් නුවරදී ඊයේ (9) හමු වූ අයුරු. ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර ඍජු ගුවන් සේවා සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා මෙහිදී සිය කැමැත්ත පළ කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳ කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මේ ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී, පවතින ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතාට ඇරියුම් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්න, ඉෂාක් රහුමාන්, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ රිෂාන් ද සිල්වා මහත්ම මහත්මීහුද ජනාධිපතිවරයා සමඟ මේ අවස්ථාවට එක් වූහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT