Local

කිරිවල්ලාපිටිය දුම්රිය අනතුරෙන් ආබාධිත වූ කටුගස්තොට ඉර්ෆාන් අද අන්ත අසරණ වෙලා

Friday, 12 January 2024 - 10:00 am

ශ්‍රී ලංකාවේ සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර සේ සැලසෙන රඹුක්කන කිරිවල්ලාපිටිය දුම්රිය අනතුරට හෙටට (13) වසර 22ක් සපිරේ. 2002 වසරේ ජනවාරි 13 වැනිදා පෙරවරු 6.00ට මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ අංක 30 දරන ශීඝ්‍රගාමී දුම්රිය,ගමන ආරම්භ කර පැයක් යෑමටත් පෙර තිරිංග පද්ධතියේ හටගත් දෝෂයක් නිසා රඹුක්කන කිරිවල්ලාපිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක් විය. එම අනතුරින් 20 දෙනෙකු පමණ මිය ගිය අතර, 200කට අධික මගීන් පිරිසක් තුවාල ලැබූහ. තුවාල ලැබූ පිරිස අතර කටුගස්තොට මාවිල්මඩ ආදර්ශ නිවාසවල පදිංචි මොහොමඩ් ඉර්ෆාන් තරුණයා ද සිටි අතර, ඔහු ඒ අනතුරින් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව තිබේ.

අනතුරට මුහුණපාන විට ඉර්ෆාන් වයස අවුරුදු 25ක කඩවසම් තරුණයෙකි. තමන්ගේම කියා වාහන අලුත්වැඩියා කරන ගරාජයක් පවත්වාගෙන ගිය ඔහු එයින් ලද ආදායමෙන් තම මව පියා ඇතුළු සහෝදර සහෝදරියන් නඩත්තු කළේය. අද වන විට ඉර්ෆාන්ගේ වයස අවුරුදු 47කි. දුම්රිය අනතුරට මුහුණ පෑ ඉර්ෆාන් මාස ගණනාවක් ජීවිතයත් මරණයත් අතර සටනක් කර මරණයෙන් ජය ගත්තත් අවසානයේ ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා විය. අනතුරින් කොඳුඇටපෙළට හා සුෂුම්නාවට බරපතළ හානි වීම නිසා ඔහුගේ ශරීරයේ ඉණෙන් පහළ කොටස අප්‍රාණිකය. අනතුර සිදු වූ දා පටන් රෝද පුටුවකට වී දිවි ගෙවන ඉර්ෆාන්ගේ සියලු අවශ්‍යතා සපුරන්ගේ ඇගේ මවයි. මවට ද අද වන වයස අවුරුදු 80කි. අසනීප තත්ත්වයෙන් පසුවන තම මවට ඉස්සර වගේ තමාට ඇප උපස්ථාන කිරීම අපහසු වී ඇති බව ද ඔහු අප සමඟ පැවසීය.

තමන් පත්ව සිටින අපහසුතාව ගැන අප හා වැඩිදුරටත් ඉර්ෆාන් මෙසේද කීවේය.

Òමම තමයි අපේ පවුල නඩත්තු කළේ. එදා අනතුර වුණු දවසට කලින් දවසේ අක්කලා කොළඹ ගියා. පහුවදා නිවාඩු නිසා සත්තුවත්ත බලන්න යන්න. මම කලින් දවසේ ගියේ නැහැ. 13 වැනිදා උදේ කෝච්චියෙන් කොළඹ බලා පිටත් වුණා. කිරිවල්ලාපිටියේදී දුම්රිය පෙරළෙනවා විතරයි මතක. පස්සේ කෑගල්ලේ, පේරාදෙණියේ රෝහල්වල හිටියා. වෛද්‍යවරු මගේ ජීවිතේ බේරාගත්තා. නමුත් අනතුරින් පස්සේ මම සාදාකාලික ආබාධිතයකු වුණා. මට වූ දේ ගැන කල්පනා කර තාත්තත් අකාලේ මිය ගියා. මට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වන්දි විදියට ලක්ෂ එකහමාරයි ලැබුණේ. ඉතින් අපි දැන් අසරණ වෙලා ඉන්නේ. මම වත්මන් ජනාධිපතිටත් මේ සම්බන්ධව ලීවා. මට සාධාරණයක් ඉටුකර දෙන්න කියා. අපට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැහැ. මට ආබාධිත දීමනාව රුපියල් 5000ක් ලැබෙනවා. ඒක බෙහෙත්වලටත් මදි. මම ඉල්ලීමක් කරනවා මා පත්ව සිටින තත්ත්වය ගැන බලා අපට ජීවත් වෙන්න පොඩි කඩ කෑල්ලක් හරි දාගන්න කවුරු හරි පින්වතෙක් උදව් කරන්න කියලා. 076-9072253 මගේ දුරකතන අංකයයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT