Local

නව පත්කිරීම් 5කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

Wednesday, 17 January 2024 - 3:17 pm

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් ලෙස පී. ආර්. එස්. ගුණවර්ධනගේ පත් කිරීම සහ වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගමගේ පත්වීම උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එස්.සී.ජේ. දේවේන්ද්‍ර පත් කිරීමටත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු පත් කිරීමට සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස ජේ.එම්. සූසෙයිදාසන් පත්වීම මෙලෙස අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT