රටේ සිටින බුද්ධිමත් ජනතාව විවිධ පිරිස් පවසන ආකාරයට වෙනස් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ආර්ථික අර්බුදය විසඳීමට හැකි නායකයෙක් බවත් ඒ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළ යුතු බවට යෝජනා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් සහයෝගය ලබාදිය යුතුයි යන ස්ථාවරයේ තමන් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.