Local

පස් කන්දකට යට වී පුද්ගලයෙකුට බරපතළ තුවාල

Monday, 26 May 2025 - 4:31 pm

හාලිඇල අන්තුඩාවෙල ප්‍රදේශයේ දි අද (26) පෙරවරුවේ පුද්ගලයෙකු පස් කන්දකට යටවිමෙන් බරපතළ   තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ .

මෙලෙස තුවාල ලබා ඇත්තේ ක්වින්ස්ටවුන්හාලිඇල ලිපිනයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසිය.

අන්තුඩාවෙල පන්සල අසල නිවසක පැති බැම්මක් ඉදි කිරිමේ කටයුත්තක් සිදුකරමින් සිටියදි මෙම පුද්ගලයාගේ සිරුර මතට පස් කන්දක් කඩා වැටීමෙන් එයට යටවිමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සැලවිමත් සමග එම ස්ථානයේ සිටි පිරිස එම පුද්ගලයා බේරා ගැනිමට කටයුතු කරමින් සිටියදි බදුල්ල  ශික්ෂණ රෝහලේ හදිසියි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයට ගොස් ඇති බවද වාර්තාවේ .

මේ වනවිටත් පස් කන්දට යට වූ පුද්ගලයාට අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර ලබාදිමට අවශ්‍ය පරික්ෂණ සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුනතිලක මහතා විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය සදහන් කලේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT