Business

ලංකා බැංකුව 85 වන සංවත්සරය සමරයි

Sunday, 11 August 2024 - 11:30 am

ලංකා බැංකුව සිය අභිමානවත් 85 වැනි සංවත්සරය කොළඹ 01 පිහිටි ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී සැමරූ අතර, සර්වාගමික වතාවත්වලට මුල් තැන දෙමින් පැවැත්වුණු එම උත්සවයට ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක, මහා කළමනාකරු /ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා යන මහත්වරු ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික හා විධායක කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහ ගනුදෙනුකාර භවත්හු රැසක් සහභාගි වූහ.

බි්‍රතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් විසින් 1939 අගෝස්තු 1 ආරම්භ කෙරුණු ලංකා බැංකුව, මෙරට මිලියන ගණනක් ජනතාවගේ බැංකු අත්දැකීම් ආශ්‍රිතව පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට සමත් වූ අතර, විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා මගින් ශ්‍රී ලාංකේය පුරවැසියන් සවි බල ගැන්වීමේ සිට ඩිජිටල් බැංකුකරණ විසඳුම් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දීම දක්වා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට ලංකා බැංකුව සමත් වී ඇත.

බැංකු ක්ෂේත්‍රයට දැක් වූ දායකත්වයත්, ගනුදෙනුකාර ප්‍රජාව ලැබූ නවමු අත්දැකීමත් මත ලංකා බැංකුවේ ඩිජිටල් විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම 2024 Technnovation සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වූ අතර, එහි දී ‘ඩිජිටල් ගෙවීම් ආශ්‍රිත විශිෂ්ටත්වය සඳහා වන රන් සම්මානය‘ සහ ‘වසරේ හොඳ ම පොදු ATM සක්‍රීය කරන්නාට හිමි රන් සම්මානය‘ දිනා ගැනීමට ලංකා බැංකුව සමත් විය.

අභියෝගවලින් පිරුණු වසරක් තුළ වුව ද, එම අභියෝග සඳහා ඔරොත්තු දෙන, විශ්වසනීය මූල්‍ය සහකරුවෙකු ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කර ගැනීමට සමත් වූ ලංකා බැංකුව, කීර්තිමත් The Banker සඟරාව විසින් 2023 වසරේ දී ‘වසරේ ශ්‍රී ලාංකේය බැංකුව’ ලෙස නම් කෙරුණු අතර, නැවතත් 2024 වසරේදී ලොව හොඳ ම බැංකු 1,000 අතරට ලැයිස්තු ගත වූ එක ම ශ්‍රී ලාංකේය බැංකුව බවට පත් වීමටද ලංකා බැංකුව සමත් විය. විදේශ ගත ශ්‍රී ලාංකිකයින් දුක් මහන්සියෙන් උපයා ගත් විදේශ මුදල් සුරක්ෂිත ව ප්‍රේෂණය කිරීම ඇගයීම හා දිරි ගැන්වීම වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම සඳහා නිර්මාණය කර ඇත. පිට පිට රට තෑගි’ වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම ලංකා බැංකුවේ 85 වැනි සංවත්සර වසර තුළ කැපී පෙනෙන එක් පියවරක් වූ අතර, එහි දී ප්‍රථම ත්‍යාගය ලෙස රුපියල් මිලියන 30ක් වටිනා අංග සම්පූර්ණ, සුඛෝපභෝගී නිවසක් පිරිනැමිණි.

සිය 85 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා තරුණ ව්‍යවසායකයින් 10,000ක් වෙත මූල්‍ය පහසුකම් ලබා දෙමින් ඔවුන් වෙත ශක්තියක් වීමට හැකි වීම පිළිබඳ ව ලංකා බැංකුව සිහිපත් කරන්නේ අභිමානයෙනි. මෙමගින් තරුණ ව්‍යවසායකයින් පෝෂණය කිරීම සඳහා ලංකා බැංකුවේ කැපවීම පිළිඹිබු වන අතර, ඉදිරි වසරේ දී නවීන තාක්ෂණය ඔස්සේ, මූල්‍ය සාක්ෂරතාව, තිරසාර භාවය සහ ප්‍රජා සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයෙන් යුතු ව කටයුතු කිරීමට ලංකා බැංකුව අරමුණු කරයි.

සිය 85 වන සංවත්සර සැමරුමට සමගාමීව නව සේවාවන් කිහිපයක් එළිදැක්වීමට ලංකා බැංකුව කටයුතු කරන අතර, BOC Smart Freelancer ඉතුරුම් යෝජනා ක්‍රමය ඒ අතරින් විශේෂිතය. මෙම ඉතුරුම් සැලැස්ම අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතු සිදු කරන ව්‍යවසායකයින් (Freelancer) වෙනුවෙන්ම නිර්මාණය කර ඇත. එය Fiverr සහ Upwork වැනි සේවාවන් හරහා විදේශ මුදල් ඉපැයීම් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සරල කරන අතර, ඔවුන්ගේ සියලු‍ම මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් මෙම ඉතුරුම් යෝජනා ක්‍රමය හරහා ලබා දෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT