Local

ජපන් යවන බව කියා 500කගේ කෝටි 10කට තට්ටු කර මාරු වූ හිටපු පීසී – අනි­යම් බිරිය රිමාන්ඩ්

Saturday, 24 February 2024 - 9:46 am

ජපා­න­යට යවන බව පවසා පුද්ග­ල­යන් 500 දෙන­කු­ගෙන් පමණ රුපි­යල් කෝටි 10කට ආසන්න මුද­ලක් වංචා කර සැඟව සිටි හිටපු පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සහ කාන්තා­වක අත්අ­ඩං­ගු­වට ගෙන කඩු­වෙල අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන මස 7 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේ­ස්ත්‍රාත් ලක්ෂි ශ්‍රී සූරි­යගේ මහ­ත්මිය ඊයේ (23) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාර­යට පත් වූයේ කඩ­වත සූරි­ය­පා­ළුව ප්‍රදේ­ශයේ පදිංචි බව කියන හිටපු පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු වූ ගුරු­සිං­හගේ ලක්ෂාන් පුෂ්ප­කු­මාර (31) සහ හඳු­ව­ලගේ ශර්මිලා ජය­රත්න (51) යන දෙදෙ­නායි. මේ සැක­ක­රුට සහ සැක­කා­රි­යට එරෙ­හිව අධි­ක­රණ මඟින් වරෙන්තු 47ක් නිකුත් කර ඇතැයි පොලි­සිය කියයි.

2019 වසරේ සිට 2022 පෙබ­ර­වාරි දක්වා කැල­ණිය, බම්බ­ල­පි­ටිය හා පෑලි­ය­ගොඩ ප්‍රදේ­ශ­වල රැකියා නියෝ­ජිත කාර්යාල පව­ත්වා­ගෙන යමින් මේ මුදල් වංචාව සිදු කර ඇති බව පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් පැව­සීය. මොවුන්ගේ වංචා­වට හසු වූ පුද්ග­ල­යන් 160ක් පමණ විදේශ සේවා නියුක්ති කාර්යාං­ශ­ය­ටද තවත් පිරි­සක් කොළඹ වංචා විම­ර්ශන අංශ­යට සහ රට පුරා විවිධ පොලිස් ස්ථාන­ව­ල­ටද පැමි­ණිලි කර ඇති බවත් සැක­කරු සහ සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේද විදේ­ශ­ගත කරන බව පවසා රුපි­යල් ලක්ෂ 15ක මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් මිරි­හාන විශේෂ අප­රාධ විම­ර්ශන අංශ­යට ලද පැමි­ණි­ල්ල­කට අනුව බවත් සඳ­හන් කළේය.

මේ සැක­කරු හා සැක­කා­රිය මීග­මුව ප්‍රදේ­ශයේ හෝට­ල­යක සැඟව සිට කුලී පද­නම මත වාහන සප­යන ස්ථාන­ය­කට වාහ­න­යක් ගැනීම සඳහා පැමි­ණෙන බවට මිරි­හාන විශේෂ වංචා විම­ර්ශන අංශයේ උප පොලිස් පරී­ක්ෂක සාලිය ප්‍රසන්න සුම­ති­පාල මහ­තාට ලද තොර­තු­ර­කට අනුව ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කර ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විශේෂ වංචා විම­ර්ශන ඒක­කය ගම්පහ සහ පෑලි­ය­ගොඩ විශේෂ අප­රාධ විම­ර්ශන ඒකක සහ විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ විශේෂ වංචාව විම­ර්ශන ඒක­කය මගින් කාළ­යක සිට මේ සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන සිදු කළද ප්‍රදේ­ශ­යෙන් ප්‍රදේ­ශ­යට පලා යෑම නිසා අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොහැකි වී තිබී ඇති බවද මෙහිදී අධි­ක­ර­ණය හමුවේ අනා­ව­ර­ණය විය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර කොස්තා­ප­ල්ව­රයා අව­සන් වරට 2019 වස­රේදී කඩ­වත පොලි­සියේ සේවය කර ඇති බවත්, ඔහුගේ සේවය අත්හැර ගියාද? අත්හි­ටු­වූ­වාද? යන්න පිළි­බඳ විම­ර්ශන සිදු කරන බවත් පොලි­සිය කියයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රිය සැක­කාර කොස්තා­ප­ල්ව­ර­යාගේ අනි­යම් බිරිය බවට මේ වන විට අනා­ව­ර­ණය වී ඇති බවද පොලි­සිය කියයි. සැක­කා­රි­යට මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් වරෙන්තු 36ක් සහ කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් වරෙන්තු 11ක් නිකුත් කර ඇති බවද මෙහිදී අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් ඉදි­රි­පත්ව සිටි නීතිඥ චමිල දේව­ප්‍රිය මහතා අධි­ක­ර­ණය හමුවේ කරුණු ඉදි­රි­පත් කළේය. මේ සැක­කා­රිය කඩ­වත ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යක බවත් එම නිවෙ­සට පැමි­ණි­ලි­ක­රු­වන් සොයා පැමි­ණීම හේතු­වෙන් ඒ නිවෙස අත්හැර අනු­රා­ධ­පුර පුත්ත­ලම කුරු­ණෑ­ගල ආදිය ප්‍රදේ­ශ­වල කුලී පද­න­මට ගත් නිවා­ස­වල පදිං­චිව සිට ඇතැ­යිද සැක­ක­රු­වන් භාවිත කරන මෝටර් රථ කාල­යෙන් කාල­යට මාරු කර පරි­හ­ර­ණය කර ඇතැ­යිද අනා­ව­ර­ණය වී ඇති බවත් ඒ නිසා සැක­කා­රිය පිළි­බඳ විශ්වා­සය නැති බැවින් ඇය රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නීතිඥ චමිල දේව­ප්‍රිය මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය‍. සැක­කා­රිය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි තිබෙන අධි­ක­ර­ණ­ය­ව­ලට ඇය ඉදි­රි­පත් කිරී­මට අව­සර දෙමින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග නිකුත් කළාය.

නුගේ­ගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජේ.බීඑස්. ජය­මහ මහ­තාගේ උප­දෙස් මත මිරි­හාන විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති (පො.ප) පිය­ද­ර්ශන, (උ.පො.ප) එච්.කේ.එස්.පී. සුම­ති­පාල (පො.සැ) 20758 කරු­ණා­ති­ලක, 94956 සඳ­රු­වන්, 66054 අතුල මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT