Local

පුරා­ව­ස්තු­වක් හමු වූ බව නොදැ­න්වීම එයට හානි කිරීම-චෝදනා 2ටම STF ඉන්ස්පෙ­ක්ටර් වර­ද­කරු වේ

Saturday, 08 June 2024 - 8:48 am

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් පුරා­ව­ස්තු­වක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇති ලෝහ­මය බුදු පිළි­ම­යක් සොයා­ගැ­නීම පිළි­බ­ඳව අදා‍ළ බල­ධා­රීන්ට දැනුම් නොදුන් බවට සහ චේත­නා­න්වි­ත­වම ඒ ලෝහ­මය බුදු පිළි­මයේ දකුණු බාහුව වෙන් කර, කන් පෙති කඩා ඉවත් කර හානි කළ බවට අධි­ක­ර­ණය හමුවේ චෝදනා ලබා සිටි පොලිස් විශේෂ කාර්ය බළ­කායේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු එකී චෝදනා දෙක­ටම වර­ද­කරු බවට අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා තීන්දු කළේය.

ඒ අනුව විත්ති­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාට දඬු­වම් නියම කිරීම ලබන ජූලි 18 දින දක්වා කල් තැබූ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා එදි­නට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස­ටද විත්ති­කාර හිටපු පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාට නියෝග කළේය. මෙසේ වර­ද­කරු වූයේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සේවය කළ මිරි­හාන පොලිස් විශේෂ අප­රාධ මෙහෙ­යුම් ඒක­ක­යට අනු­යුක්ත කර සිටි හිටපු පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු වූ දැර­ණි­ය­ගල වංච­නා­ය­ක­ගම ලිපි­නයේ තුෂිත සම්පත් බණ්ඩාර නමැ­ත්තෙකි.

මේ සිද්ධිය වූ 2005 වසර වක­වා­නුවේ ඉන්දීය මහ කොම­සා­රි­ස්ව­ර­යාගේ නිල රථය සංවි­ධා­නා­ත්මක කොල්ල කල්ලි­යක් විසින් අඹේ­පුස්ස ප්‍රදේ­ශ­යේදී පැහැ­ර­ගෙන එල්ටී­ටීඊ සංවි­ධා­න­යට දීම සඳහා මැද­ව­ච්චිය මන්න­රාම් මාර්ගය ඔස්සේ උතුරු ප්‍රදේ­ශ­යට රැගෙන යෑමේ අර­මු­ණින් පුල්එ­ලිය විහා­ර­ස්ථා­නය අසල කැලෑ­බද ප්‍රදේ­ශ­යක සඟවා තැබීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කර අදාළ නිල රථය සොයා­ගෙන සිය භාර­යට ගැනීමේ රාජ­කාරි නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු විසින් පවරා ඇත්තේ මේ විශේෂ කාර්ය බළකා පොලිස් පරී­ක්ෂ­ව­ර­යාට බව අධි­ක­ර­ණ­යේදී අනා­ව­රණ විය.

ඒ අත­ර­තුර විත්ති­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා මේ වරද සිදු කර ඇති බවද අධි­ක­රණ නඩු විභා­ග­යේදී හෙළි විය. 2005 අගෝස්තු 4 දින හෝ ඊට අසන්න දින­යක මිරි­හාන විශේෂ අප­රාධ මෙහෛ­යුම් ඒක­ක­යට අනු­යු­ක්තව පොලිස් විශේෂ කාර්ය බළ­කායේ පොලිස් පරී­ක්ෂ­ක­ර­යකු ලෙස සක්‍රිය සේවයේ යෙදී සිටින අත­ර­තුර විත්ති­කරු මේ වරද සිදු කර ඇති බවට නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මේ නඩුව පවරා තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT