Local
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු පොහොට්ටුවේ මහ පළුවම රනිල්ට සහයෝගය දෙන්න පෙළගැසෙනවා - කංචන
Monday, 01 July 2024 - 9:49 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීම බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින්ද ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් සිටින බවයි අද (30) මාතර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු පොදුජන පෙරමුණේ මහ පළුවක්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට පෙළගැසෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.