Local

සජිත්ගේ අගමැතිකම රනිල්ට දෙන්න බෑ කියයි…

Friday, 06 September 2024 - 7:41 pm

රනිල් සහ අනුර දෙදෙනාම අද කියන්නේ එකම කතාවක් බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ කොළඹ විපක්ෂනායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. රනිල්ගේ අදහස් අනුර කියන බවත්, රනිල් හදන මඩ අනුර ගමක් ගමක් ගානේ අනුර බෙදන බවත්, රනිල්ගේ වැඩපිළිවෙල අනුර ඉදිරියට ගෙන යන බවත් මේ වන විට පැහැදිලිව දක්නට ලැබෙන බව ඒ මහතා කියා සිටියේය.

ඒ.., ජනාධිපතිවරයා විසින් මහියංගණයේ පැවති රැළියේදී සිදු කළ කතාවේ වීඩියෝවක්ද මාධ්‍ය හමුවේ ප්‍රචාරය කරමිනි.

මහියංගනයේදී ජනපති කළ ප්‍රකාශයෙන්, තමා ස්ථිර වශයෙන්ම පරාජය වන බව ගම්‍ය වනවා සේම, සජිත් පැරදවීම සඳහා කළ හැකි ඕනෑම දෙයක් කරන බවත් ඔප්පු වෙමින් තිබේ. මෙතෙක් මන්දිර තුළ රහසේ පැවති රනිල් අනුර මිතුරුකම දැන් කල එළි බසින බව මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එස්. එම්. මරික්කාර් මහතා අවධාරණය කළේ තමා සජබ බිහි කිරීමේ මූලිකයෙකු බවයි. එමෙන්ම 2015 ආණ්ඩු සමයේ රාජපක්ෂවරු සමග තිබූ ඩීල් වලට විරුද්ධ වී, එජාපයෙන් ඉවත්ව සමගි ජන බලවේගය බිහි කරන්න මූලික වූවන්ගෙන් කෙනෙක්.

අනුර දිනන බවට පවසා ප්‍රතිවාදීන් විවිධ එකතුවීම් ගැන ප්‍රවෘත්ති මැවූවාට, තමා එක හෙළා ඊට විරුද්ධ පුද්ගලයෙකු බවද කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසුවේ.

තමා දිගින් දිගටම රහස් ගණුදෙනු හෙළි කළ, ජනතා අයිතිය වෙනුවෙන් සෘජුව පෙනී සිටි නිසා, රනිල් අනුර හවුලෙන් නිෂ්පල මඩ ප්‍රචාර දියත් කර තිබේ.

තම අත් දෙකේ කුණු ගෑවී හෝ ලේ ගෑවී නැති බවද ඒ මහතා කියා සිටියේය. රනිල් අනුර මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය හමුවේ වියරු වැටී ඇත.

මන්ත්‍රීවරයා අභියෝග කළේ අනුර, විජිත, ගලප්පත්ති, නලින්ද යන සියල්ලන්, කාර් පර්මිට් එක හෙවත් වාහන බලපත්‍රය ලබා ගත්තාද..? නැද්ද යන්න පිළිබඳ ප්‍රකාශ කරන ලෙසයි. ජවිපෙ හිටපු මන්ත්‍රී, ජාජබ නීතිඥ සුනිල් වටගල 2016දී ලබා ගත් සිය වාහන බලපත්‍රය පිළිබඳ හඬපටයක්ද මෙහිදී ප්‍රචාරය කෙරිණි. 2016 වසරේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දුන් වාහන බලපත්‍ර ජවිපෙ සාමාජිකයන් ගත්තා ද..? නැද්ද..? යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා දැනුම් දුන්නේය.

තමන් බාර් පර්මිට් හෝ ඉඩම් හෝ ආණ්ඩුවෙන් දෙන වාහන හෝ කිසිවක් ලබා ගෙන නැති බවත්, රනිල් වික්‍රමසිංහ වෙතින් කිසිදු ආකාරයක වරප්‍රසාදයක් ලබා ගෙන නැති බවත් එතුමා අවධාරණය කළේය. එහෙත් ජවිපෙ සාමාජිකයන්, රනිල්ගේ ආණ්ඩුවෙන් ලබා දුන් වාහන ගත්තාද නැද්ද යන්න නොපැකිළ ප්‍රකාශ කළ යුතුයි.

එතරම් දුර්වල සංස්කරණයක් සහිත බොරු ප්‍රචාර මගින් කොළඹ දිස්ත්‍රික්කයේ තම ජයග්‍රාහී ගමන නවතන්න කිසිදු හැකියාවක් නැත. මෙවර ජනාධිපතිවරණ සටනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේද සජබ කොලොන්නාව සංවිධායක එස්. එම්. මරික්කාර් මහතායි.

සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වැළැක්වීමට රනිල් අනුර සන්ධානයට කිසිදු ශක්තියක් නොමැති බව එස්. එම්. මරික්කාර් මහතා සඳහන් කළේය.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT