Sports

ශ්‍රී ලංකාවට සුපිරි පාපන්දු ජයක්

Friday, 13 September 2024 - 7:57 pm

ආසියානු පාපන්දු කුසලානයේ  සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සමත් විය.

ඒ ‍ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවන වටය යටතේ පැවති තරගයකදී කාම්බෝජය පරාජයට පත්කරමිනි.

ඔවුන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 180 වැනි ස්ථානයේ පසුවෙයි.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවන අදියරේ තරගය ඊයේ පැවැත්වුණේ කාම්බෝජයේදි ය.

තරගයේ පළමු අර්ධයේ 37 වැනි මිනිත්තුවේදි ගෝලයක් වාර්තා කළ ශ්‍රී ලංකාව පළමු අර්ධය නිමා වනවිට ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගත්තේය.

නමුත් දෙවන අර්ධයේ 51 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කාම්බෝජය ගෝලයක් රැස් කරමින් තරගයේ ගෝල සමකළ අතර තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීමට ලබාදුන් අතිරේක කාලයේදී තවත් ගෝලයක් රැස්කළ කාම්බෝජය අවසන් මිනිත්තුව දක්වාම තරගයේ පෙරමුණ ගත්තේය.

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකාව ගෝලයක් රැස්කළේ නැවතත් තරගයේ ගෝල සංඛ්‍යාව සමකරමිනි.

ඒ අනුව ජයග්‍රහකයින් තේරීමට දඬුවම් පහර අවස්ථාව ක්‍රියාත්මක කෙරුණි.

එහිදී කාම්බෝජයේ පළමු දඩුවම් පහර අවස්ථාව ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා ගෝල රකින්නා වන සුජාන් පෙරේරා සමත්වුණේ කාම්බෝජය දෙසට පීඩනය එල්ල කරමිනි.

ශ්‍රී ලංකාව සිය මුල් දඩුවම් පහර අවස්ථා 4ම සාර්ථක කර ගැනීමට සමත් වූ අතර කාම්බෝජයට දඬුවම් පහර අවස්ථාවේදි සාර්ථක කර ගත්තේ අවස්ථා 2ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබිමේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT