Local

සෞඛ්‍ය සේවාව විධි­මත්ව ගෙන යෑමට ඇමැති රමේෂ්ට ජන­පති අමා­ත්‍යාං­ශය භාර දුන්නා

Tuesday, 19 March 2024 - 8:05 am

අභි­යෝ­ගා­ත්මක මෙවැනි වක­වා­නු­වක මෙරට සෞඛ්‍ය සේවාව විධි­මත්ව පව­ත්වා­ගෙන යෑම සඳහා ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ ට ජනා­ධි­ප­ති­ව­රයා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය භාර දුන් බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන පැව­සීය.

ගාල්ල දිස්ත්‍රි­ක්කයේ උඩු­ගම හා නියා­ගම රෝහ­ල්වල ගොඩ­නැ­ඟිලි ජනතා අයි­ති­යට පත් කර­මින් අග­මැ­ති­ව­රයා (18) මේ බව පැව­සීය.

ගාල්ල දිස්ත්‍රි­ක්කයේ උඩු­ගම මූලික රෝහලේ ඉදි කළ නව සිව්ම­හල් ගොඩ­නැ­ඟිල්ල සහ නියා­ගම ප්‍රාදේ­ශීය රෝහලේ ඉදි කළ තෙම­හල් ගොඩ­නැ­ඟිල්ලේ පළමු අදි­යර විවෘත කිරීම අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන සහ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් (18) සිදු කෙරිණි.

දකුණු පළාත් සභා ප්‍රති­පා­දන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවි­බල ගැන්වීමේ ව්‍යාපෘ­තිය මගින් උඩු­ගම මූලික රෝහලේ රුපි­යල් මිලි­යන 400ක විය­ද­මින් මෙම නව සිව් මහල් ගොඩ­නැ­ඟිල්ල ඉදි කර තිබේ. එය ශල්‍යා­ගාර 03කින්, හදිසි ප්‍රති­කාර ඒක­ක­ය­කින් සහ වෛද්‍ය වාට්ටු 02කින් සම­න්විත වන අතර 2017 වස­රේදී එහි ඉදි­කි­රීම් ආරම්භ කර තිබේ.

රට තුළ ඇති වූ කොවිඩ් සහ ආර්ථීක අර්බුද හමුවේ ඉදි­කි­රීම් ප්‍රමාද වී තිබූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණගේ උප­දෙස් අනුව මාස 08ක් වැනි කාල­යක් තුළ මෙම සිව්ම­හල් ගොඩ­නැ­ඟිල්ලේ වැඩ­ක­ට­යුතු අව­සන් කිරී­මට පිය­වර ගැනිණි.

නියා­ගම ප්‍රාදේ­ශීය රෝහලේ ඉදි කර­මින් පව­තින තෙම­හල් ගොඩ­නැ­ගිල්ලේ පළමු අදි­යර සදහා වැය කළ මුදල රුපි­යල් කෝටි 9.5කි. දකුණු පළාත් සභා ප්‍රති­පා­දන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවි­බල ගැන්වීමේ ව්‍යාපෘ­තිය මඟින් 2021 වර්ෂයේ මෙහි ඉදි­කි­රීම් ආරම්භ කර ඇත. පළමු අදි­යර තුළ බාහිර රෝගී අංශය, සායන සහ හදිසි ප්‍රති­කාර ඒක­ක­යක් ද වන අතර එහි දෙවැනි අදි­යරේ ඉදි­කි­රීම් කට­යුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණගේ උප­දෙස් මත සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය රුපි­යල් මිලි­යන 20ක ප්‍රති­පා­දන ලබා­දී­මට ද පිය­වර ගෙන ඇත.

ග්‍රාමීය ජන­තා­වට ගුණා­ත්මක සහ විධි­මත් සෞඛ්‍ය සේවා­වක් ලබා­දීමේ අර­මු­ණින් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණගේ උප­දෙස් පරිදි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් ක්‍රියා­ත්මක ග්‍රාමීය රෝහල් සංව­ර්ධ­නය කිරීමේ විශේෂ වැඩ­පි­ළි­වෙ­ළට සම­ගා­මීව මෙම ව්‍යාපෘති ඊයේ දින සුව සේවා සඳහා එක්කෙ­රිණි.

තව­දු­ර­ටත් අග­මැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

එම වග­කීම මනා ලෙස හසු­රු­ව­මින්, කළ­ම­නා­ක­ර­ණය කර ගනි­මින් සෞඛ්‍ය සේවාවේ උන්න­තිය උදෙසා තීන්දු තීරණ ගනි­මින් නිසි ලෙස සෞඛ්‍ය සේවාව පව­ත්වා­ගෙන යාමට ඇමැ­ති­ව­රයා කට­යුතු කර­නවා.

මෙරට සෞඛ්‍ය සේවාව තුළින් පසු­ගිය කාලය පුරා­ව­ටම මාතෘ සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය හා දර්ශක අතින් විශාල ප්‍රග­ති­යක් පෙන්නුම් කර තිබෙ­නවා.

ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ-

මෙරට සෞඛ්‍ය සේවාව තුළ වර්ත­මා­නය වන විට ප්‍රධාන ගැටලු දෙකක් පව­තින බවත්, බෝ නොවන රෝග සහ වය­ස්ගත ජන­ග­හ­නය ඉහ­ළ­යෑම ඒ අතර වෙනවා. වය­ස්ගත වීමේ දී ඇති­වෙන ඇස් නොපෙ­නීම, කන් නොඇ­සීම, මාන­සික ආබා­ධ­ව­ලට ගොදු­රු‍වීම, ඔවුන්ට රැක­ව­ර­ණය ලබා­දී­මට ස්ථාන­යක් නැති­නම් එය ගැට­ලු­වක්. වය­ස්ගත ජන­තාව වෙනු­වෙන් විධි­මත් සංර­ක්ෂණ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතුයි.

එහිදී ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව සංව­ර්ධ­නය කිරීම ඉතා වැද­ගත් වන නිසා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­වට නංවා තිබෙ­නවා. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ගාල්ල දිස්ත්‍රි­ක්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යාල 22කට රුපි­යල් මිලි­යන 03 බැගින් සහ ප්‍රාදේ­ශිය රෝහල් 21කට රුපි­යල් මිලි­යන 02 බැගින් ලබා දීමට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙ­නවා.

දකුණු පළාත් ආණ්ඩු­කාර විලී ගමගේ, ගාලු දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන සම්පත් අතු­කෝ­රල, ඉසුරු දොඩං­ගොඩ, යදා­මිණී ගුණ­ව­ර්ධන, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරි­තුංග, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල, ප්‍රාථ­මික සෞඛ්‍ය සවි­බල ගැන්වීමේ ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජය­සු­න්දර බණ්ඩාර යන මහත්ම මහ­ත්මීන් ද, විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන්, හෙද හෙදි­යන් ඇතුළු සෞඛ්‍ය වෘත්ති­ක­යින් පිරි­සක් ද මෙම අව­ස්ථා­වට සහ­භාගී වූහ.


Top Stories
wedivistara

මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

wedivistara

අපි කියන වැදගත් දේශපාලන සංකල්ප වත්මන් පාලකයින් විකෘති කරමින් ඉන්නවා - අනුර

wedivistara

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන විශ්ලේෂණයක් කිරීමට රජයෙන් පියවර

wedivistara

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා - ශෙහාන් සේමසිංහ

wedivistara

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

wedivistara

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි


NEWS ALERT