Local

මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරිම් ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ගුවන් හමුදාධිපතිගේ නිරික්ෂණයට ලක්වේ.

Friday, 21 June 2024 - 8:44 pm

රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල් ළමා වාටිටු සංකිර්ණයේ ඉදිකිරිමි කටයුතු පිළිබද නිරික්ෂණය කිරිම සදහා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායක හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ  ( 20) නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුල නේවාසිකව ප්‍රථීකාර ලබාගන්නා ළමුන් සදහා පවතින ඉඩ පහසුකමි අවමවිම හේතුවෙන් කුඩා දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බැවින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළෙමි ඩිෂාන් ගුණසේකර මහතාගේ අදහසකට අනුව මෙම නව සිවිමහල් ගොඩනැගිල්ල ඉදිකිරිමට කටයුතු සිදුකරනු ලැබු අතර ඒ සදහා 2023 සැප්තැමිබර් මස 21 වන දින මුල්ගල තැබිම සිදුකරන ලදි.

 

පළමුව ඉදිකිරිමට අදහස් කර තිබු තෙමහල් වාට්ටු සංකිර්ණය ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලැබිම හේතුවෙන් සිව්මහල් වාටිටු සංකිර්ණයක් ලෙස ඉදිකිරිමට කටයුතු සිදු කරනු ලැබු අතර ගුවන් හමුදාව විසින් රෝගී දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකිරිම මෙන්ම කුඩා දරුවන් ප්‍රතිකාර ලබන වාටිටු සංකිර්ණය පිළිසකර කර අලූත්වැඩියා කිරිමද මේ වනවිට සිදුකරනු ලබයි


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT