Local

මල් ශාලා සේවකයාට පිහි ප්‍රහාරක් නිසා රෝහලට

Friday, 26 January 2024 - 7:56 pm

පොරොන්දු වූ හෙරොයින් යළි ලබා නොදීම සම්බන්ධයෙන් වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මල්ශාලා සේවකයෙකු පේපර් කටර් එකකින් කපා තුවාල සිදු කොට පළාගිය සිව් දෙනෙකු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

කැපුම් තුවාල ලද මල්ශාලා සේවකයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයක් සඳහා යොමු කර ඇතැයි පැවසේ.

හෝමාගම දියගම සමූපාකාර මල්ශාලාවේ සේවයේ නිරත 24 හැවිරිදි මෙම සේවකයා ඊයේ  25 ද සවස මල් ශාලාව තුළ මිනී පෙට්ටියක් සකසමින් සිට ඇති අතර එක්වරම ඔහුගේ කෑ ගැසීම ඇසී මල්ශාලාවේ කළමනාකාරවරයා එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුහුනට ,  පපුවට හා බඩට සිදුව තිබූ කැපුම් තුවාල හේතුවෙන් ලේ වැගිරෙමින් සිට ඇති බව දැක තිබේ.

මේ සදහා බාහිරින් පැමිණි සිව් දෙනෙකු මිනීපෙට්ටියේ රෙදි කැපීම සඳහා භාවිතා කරන පේපර් කටර් එකෙන් පහරදී තුවාල සිදුකොට පළා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ කට හා ඇස අසලට වූ තුවාල හේතුවෙන් ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග පවස‍යි.

මල් ශාලා සේවකයා ඔහුගේ මිතුරෙකුට හෙරොයින් ලබා දෙන බවට පොරොන්දු වී මුදල් ලබාගෙන ඇති අතර  ඊට අදාළ හෙරොයින් යළි  ලබා නොදීම නිසා ඒ පිළිබඳව විමසීමට පුද්ගලයින් සිවු  දෙනෙකු එම ස්ථානයට පැමිණ තිබේ. එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් බාහිරින් පැමිණි පුද්ගලයෙකු මිනී පෙට්ටිය අසල තිබූ පේපර් කටර් එකින් මොහුට පහර දී තුවාල සිදුකොට පලා ගොස් ඇති බවට කරන ලද මූලික විමර්ශන  වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මාගම්මන හා දාම්පේ ප්‍රදේශවල පදිංචි සිව් දෙනෙකු මෙම පහරදීම සඳහා පැමිණ ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැමිණ ස්ථානය පරීක්ෂණයක් ද සිදු කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉසුරු මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT