Local

පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙන එනවා – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක

Tuesday, 05 March 2024 - 7:35 am

මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

එමෙන්ම “භික්ෂූ කතිකාවත් පනත” සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාල ලේඛන මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබෙන්නේ එම මූල්‍ය ප්‍රතිපාදන 2024 මාර්තු මස 15 වනදාට පෙර අදාල පූජනීය ස්ථාන වෙත ලබාදීමටයි.

මෙරට පුරාවස්තු, පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු සිටිනවා. එහි අන්තර්ගත ඇතැම් විෂයන් පිළිබඳව මූලික නීති සකස් කිරීමට ද අප කටයුතු කරන බව පැවසිය යුතුයි.

ඒ සඳහා විවිධ පාර්ශ්වයන් වෙතින් අදහස් හා යෝජනා ලබා ගනිමින් සිටින බව ද සඳහන් කළ යුතුයි.

එමෙන්ම භික්ෂූ කතිකාවත් පනත සකස් කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් වන යෝජනා මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභා මඟින් ලබා දෙන ලෙස අප දන්වා තිබෙනවා. මෙය පහසු කටයුත්තක් නොවෙයි. නමුත් බහුතර විශ්වාසය වී තිබෙන්නේ එමඟින් භික්ෂු විනය ඇතුළු බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.

ඒ වගේම ශ්‍රී ලංකාව ථේරවාදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පය ක්‍රියාවට නැඟීම වෙනුවෙන් අප අමාත්‍යාංශයක් ලෙස සැදී පැහැදී සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT