එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Spruance නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
නෞකාව සඳහා වන සේවා පහසුකම් ලබා ගැනීම සඳහා එම නෞකාව දිවයිනට පැමිණ ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
USS Spruance නෞකාව මීටර් 160ක පමණ දිගකින් යුක්ත වන අතර එහි 338 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පැමිණ තිබෙනවා.
සේවා පහසුකම් ලබා ගැනීමෙන් අනතුරුව එම නෞකාව හෙට (20) යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.