Local

කරාපිටියේ දොස්තර රිමාන්ඩ්

Thursday, 18 January 2024 - 8:14 pm

කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය භාර ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා ය.

පසුගිය 16 වැනි දා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72එක් ව ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනයට පිළිකා ඒකකයේ සේවක එක්වීම හේතුවෙන් වෛද්‍යවරයා සහ ඔවුන් අතර ආරවුලක් ඇති වුව ද 16 වැනි දා පෙරවරුවේ ම රෝහලේ පාලන අධිකාරිය මැදිහත් වී එය සමථයකට පත්කර තිබිණි. පිළිකා ඒකකයේ සේවක සේවිකාවන් අදාල වර්ජනයට සහභාගී නොවන බව ඊට පෙර දිනයේ දී දැනුම් දී තිබිය දී කලින් නොදන්වා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් වෛද්‍යවරයා වැඩ වර්ජනය පැවැති දිනට පසු දින (17) එම සේවක සේවිකාවන්ට සේවයට වාර්තා නොකරන ලෙස බලපෑම් කර තිබූ බව ‍රෝහල් පාලන අධිකාරිය පවසය.

පසුව ඊයේ (17) සවස විශේෂඥ වෛද්‍ය ක්‍රිශන්ත පෙරේරා තමන්ට පහරදුන් බව කියමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් රෝහල්ගත වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න යැයි පවසමින් රෝහල් සේවක සේවිකාවෝ උද්ඝෝෂණයක ද නිරතවූහ. ඒ අනුව අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පොලිසිය අධිකරණයේ දී කියා සිටියේ කරුණු වාර්තා කරමින් කියා සිටියේ පිළිකා වාට්ටුවේ සේවකයන් වර්ජනයට එක්විම වළැක්විමට පියවර ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණ ද සේවක සේවිකාවන් වර්ජනයට එක්ව සිටි බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT