උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඉල්ලීමක් කරනවා.
ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය සඳහා නව විෂයක් ලෙස කොරියානු භාෂාව එක්කර ඇති බවත් ඒ හේතුවෙන් කාලසටහනේ සුළු වෙනසක් සිදුකර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
විභාග අපේක්ෂයින්ට ලබාදුන් ප්රවේශපත්රයේ ඇති කාලසටහන සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකරන ලෙසත් වෙබ් අඩවිවල හෝ වෙනත් කාලසටහන් භාවිතයට නොගන්නා ලෙසයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.