Local

ඔවුන් කුමන කුමන්ත්‍රණ කළත් දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රියාවලිය නවත්වන්නේ නෑ - ජනපති

Monday, 31 March 2025 - 7:35 am

දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රියාවලිය නතර නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ආණ්ඩුවට විරුද්ධව කුඩා කල්ලි සහ කණ්ඩායම් එකතුවෙමින් කෑගසමින් ඇති බවයි 'ජය නියතයි ගම අපිටයි” තේමාව යටතේ ජාතික ජන බලවේගය ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන පවත්වන ජන රැළි මාලාවේ පළමු ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔවුන්ට මෙවැනි පරාජයක් අත්පත්වේයැයි ඔවුන් බලාපොරොත්තු නොවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ජනතාව මෙම දේශපාලන හැරවුම ලබාගත්තේ නැවත දිගු කාලයකට අත්හැරීමට නොවන බවයි.

2025 වසර වාර්තා රැසක් පෙන්වන වසරක් බවට පත්වනු ඇති අතර, එය ලංකාව වැඩිම අපනයන ආදායම උපයන වසර වන බවද, විදෙස්ගත ශ්‍රමිකයින් වැඩිම ඩොලර් ප්‍රමාණයක් මෙරටට එවන වසර වන බවද, මේ හේතුවෙන් සෑම පැත්තකින්ම ආර්ථිකය උඩට පැමිණෙමින් ඇති නිසා බොහෝ පිරිස්වලට රිදෙමින් ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

චංචනිකයින්ට හා දූෂිතයන්ට එරෙහිව ආණ්ඩුව හැප්පීමට සූදානම් බවත්, ඔවුන් කුමන කුමන්ත්‍රණ සිදු කළද වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම්දීම නතර නොකරන බවද, මැයි මාසය වන විට ආණ්දොා්ලනය‍ට තුඩුදී ඇති විශාල නඩු ප්‍රමාණයක් ‍පැවරෙනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT