Local

වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කරයි

Saturday, 10 February 2024 - 7:41 am

ඉදිරි වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා වන ජනාධිපතිතුමන්ගේ ඉලක්කගත වැඩපිළිවෙළ සඳහා දායකත්වය ලබා දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කෘෂිකර්ම ව්‍යාපෘති රැසක් සඳහා සහයෝගය ලබා ගැනීම පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ මෙරට නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා (05) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු සාකච්ඡාවේදී ඒ නියෝජිතයන් මේ බැව් සඳහන් කර තිබේ.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ නියෝජිතයන් හමුවේ අවධාරණය කළේ ඉදිරි වගා කන්න හයක් තුළ ශ්‍රී ලංකාවේ වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බැවින්, ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණය වී වගාව සඳහා හඳුන්වාදීම සිදු කළ යුතුව ඇති බවයි.

මේ නියෝජිත පිරිස එහිදී ඇමැතිවරයාට දැනුම් දී ඇත්තේ රට සහලින් ස්වයංපෝෂිත කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සහල් අපනයනය ඉලක්ක කර ගනිමින් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක බැංකුව සූදානම් බවයි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ වහාම තමන්ට ඉදිරිපත් කරන ලෙසද ඒ නියෝජිතයන් සඳහන් කර ඇත.

මෙහිදී ඩ්‍රෝන තාක්ෂණය, වගා හානි වැළැක්වීම සඳහා යොදා ගන්නා විදුලි පරිපථ සහිත වැට, පැරෂුට් තැටි ලබා දීම, කිරි කර්මාන්තය නඟාසිටුවීම ආදී කරුණු කිහිපයකට අදාළව මෙහිදී සාකච්ඡා කරනු ලැබූ අතර, විශේෂයෙන් ලෝක බැංකු ණය ආධාර යටතේ මේ ක්ෂේත්‍ර සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මියට මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ වහාම ඉදිරිපත් කරන ලෙසයි.

ලෝක බැංකුවේ මෙරට නියෝජිතයන් වන Dina Umali – Deininger, Gayathri Acharya, Jhon Keyzer, Anna o’donnel, Ipec Alkan, අතුල සේනාරත්න, ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ මනෝහරන් යන මහත්ම මහත්මීහු සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ඇතුළු පිරිසක්ද මේ සාකච්ඡාවට එක්වූ අතර, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාද සහභාගී විය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT