Local

උතුරේ පැවති සැමරුම්වලින් යම් යම් සංකේත ප‍්‍රදර්ශණය කර තිබුනේ දහයක පමණයි..- ඇමති ආනන්ද විජේපාල

Wednesday, 04 December 2024 - 8:16 pm

උතුර සහ දකුණ අතර වාර්ගික නොසන්සුන්තාවක් ඇති කිරීමට කිසියම් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරන බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ මෙම කණ්ඩායම සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් ප‍්‍රචාරය කරමින් සිටින බවයි.

“පසුගිය දිනවල මහාවිරූ සැමරුම් පිළිබඳ කතාබහ සමාජයේ නිර්මාණය වුණා. මියගිය ඥාතීන් සිහිපත් කිරීමට අයිතියක් තිබෙන බවට අප පිළිගන්නවා.

එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයට අයත් කොඩි ප්‍රදර්ශනය කරමින් සැමරුම් කරන්නට ඉඩක් නැති බවට මා කළ ප්‍රකාශයක් විකෘති කරමින් සාවද්‍ය අර්ථයක් එන ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා.

ඒ ගැන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.ඊට විමර්ශන කෙරෙනවා.

උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසනවා.ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

උතුරෙහි පැවැත්වෙන සැමරුම් උත්සව පාදක කරගෙන සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන විකෘති ප්‍රතිචාරයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. උතුරේ පැවැත්වූයේ යැයි ඒත්තු ගැන්වෙන අයුරින් පසුගිය වසර වල පැවැත් වූ එල්ටීටීඊ සැමරුම් වල ඡායාරූප උපයෝගී කර ගනිමින් පළ කර තිබුණා.

එම ඡායාරූප අන්තර්ජාලයෙන් බා ගත කර තිබෙනවා. සමහර ඒවා විදේශ විදේශවල පැවැත්වූ උත්සව. දකුණේ සමාජ මාධ්‍ය මෙහෙයවන සංවිධානාත්මක පිරිසක් ජාතීන් අතර අසමඟිය නිර්මාණය වෙන අයුරින් මේ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර තිබෙනවා”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT