Local

තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි

Friday, 06 September 2024 - 7:33 pm

ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි.

අද (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවය.

'මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා.

අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග. ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා කියලා නිරීක්ෂණය වෙනවා.'

2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි. 

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද තෙවැනි දිනටත් පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්විය.

ඊයේ මෙන්ම අදත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ ගුරුවරු ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය සඳහාය.

මේ අතර අද ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වෙයි. 

ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT