Local

අවලෝකිතේශ්වරගේ විශ්වබුද්ධගේ මොළේ පරීක්ෂා කරන්න වෛද්‍ය කණ්ඩායමක් බදාදා වැලිකඩ රෝහලට

Saturday, 27 January 2024 - 2:57 pm

බුදු දහමට නිගා වන ‘ටික්ටොක්’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇප නියම වී යළි රක්ෂිත බන්ධනාගාරගත වූ රත්නපුරේ විමලබුද්ධි නොහොත් ‘විශ්ව බුද්ධි මුනි’ නමැත්තාගේ සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීම සඳහා… අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍ය කණ්ඩායමක් 31 දා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීමට නියමිතය.

මේ සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීමට පෙරේදා (25) අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විහේෂඥ වෛද්‍යවරුන් වෙත රැගෙන ගියද අදාළ වාර්තාවන් නිකුත් කර නොතිබිණි.

‘අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා පසුගිය 18 දාත්, රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධි මුනි නමැත්තා පසුගිය 24 දාත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ‍යොමු කර තිබිණි. අධිකරණය දුන් නියෝගයක් මත ඔවුන් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍යවරුන් වෙත මෙසේ යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT