Local

ටෙලිකොම් හා ලංකා හොස්පිට්ල් ආයතනවල කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Thursday, 29 February 2024 - 6:29 am

දැනට තෝරා ඇති අයදුම්කරුවන් මත පදනම්ව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් යන ආයතනවල කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල්.සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගමත්, ලංකා හොස්පිටල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගමත් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්.සමරකෝන් මහතා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.

රජය සතුව ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් හි 50.23% ක කොටස් හා ලංකා හොස්පිටල්ස් හි 51.34% ක කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා වන අයදුම්පත් තමන් විසින් වග උත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවත්, එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වග උත්තරකාර පාර්ශවයන් තීරණය කළ බවත් පෙත්සම්කාර සමාගම් චෝදනා කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 12 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට නියෝග කරනු ලැබුවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT