Local

සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතයක් උදා කිරීමේ මගේ වගකීමයි

Sunday, 01 September 2024 - 7:17 pm

ජාතිවාදය නිසා රටම විනාශ වූ බවත් එම නිසා ජාතිවාදය ආගම්වාදය ආගම්භේදය ජාති භේදය ප්‍රචලිත වී තිබු යුගය නැති කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (31) අනුරාධපුර නාච්චිදූව නගරයේ පැවැති රැස්වීමක් අමතමින්. සැම ජාතියක්ම ජන කොට්ඨාසයක්ම මේ දුර්දාන්ත ආණ්ඩුවේ වැඩ නිසා දුක් විදින බවත් සියලු දෙනාම කම්පනයට ලක්ව ඇති මොහොතක දුක කදුල වේදනාව ඉවත් කර සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම බාර ගන්නා බව ඔහු කියා සිටියා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජය භූමදානය ආදාහනය ගැටලුව අවස්ථාවේ දි ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් තමන්ගේ ආගම සංස්කෘතිය ජනතාවගේ සිරිත් විරිත් අමතක කර දැමූ බවත් පෞද්ගලික වරදාන වරප්‍රසාදවලට ආගම දහම පාවා දුන් බවත් ආත්මය පවා පාවා දී ජාතිවාදය වැපිරූ බව ඔහු අවධාරණය කර සිටියා. ජාතිවාදය නිසා රටම විනාශ වූ බවත් එම නිසා ජාතිවාදය ආගම්වාදය ආගම්භේදය ජාති භේදය ප්‍රචලිත වී තිබු යුගය නැති කරන බවත් සැම ජාතියක්ම ජන කොට්ඨාසයක්ම මේ දුර්දාන්ත ආණ්ඩුවේ වැඩ නිසා දුක් විදින බවත් සියලු දෙනාම කම්පනයට ලක්ව ඇති මොහොතක දුක කදුල වේදනාව ඉවත් කර සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම බාර ගන්නා බව විපක්ෂ නායකවරයා කියා සිටියා. එමෙන්ම සැප්තැම්බර් 21 නිර්මාණය වන සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පක්ෂ මාරු කරන ක්‍රමය තහනම් කරන බවත් එම තහනම් කරන නීතිරීති ගෙන එන බවත් අධිකරණයට ගන්න පුළූවන් තීන්දු තීරණ ශක්තිමත්ව ගැනීමට අවශ්‍ය නීති රීති ටික සම්පාදනය කරන බව ඔහු අවධාරණය කර සිටියා. තමා කිසිදු අවස්ථාවක පුද්ගලික වරදාන වරප්‍රසාද කොන්දේසි මත මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගන්නා බවත් ප්‍රතිපත්ති මත සියලු දෙනා සම්බන්ධ කර ගන්නා බවත් ගම්හදා නගර හදා රට හැදීම ප්‍රතිපත්තිය බවත් ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබා දීමට ගම් උදාව ක්‍රියාත්මක කරන බවත් උඩරට වතු හා පහතරට වතු, ග්‍රාමීය නාගරික, මධ්‍යම පාන්තික ජනතාවට, ආපදාවකින් හානි වූ ජනතාවගේ නිවාස වැඩසටහන් එකට එකතු කර ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කර තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT