Local

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Wednesday, 16 April 2025 - 4:16 pm

රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 39 වයස් වල පසුවන සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පසුගියදා උදෑසන කාලයේ කිරුළපන පොලිස් වසමේ තුන්මෝදර හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇති අතර, එම ත්‍රිරෝද රථයේ සිටි සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන කිරුළපන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබි රුපියල් 5,745,000/- ක මුදලක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ප්‍රදේශයේ ගෑස් වෙළෙඳ සැලක් පවත්වාගෙන යන බවත්, මොහු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයෙකු බවට ද සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT