Local

තලතාගේ පුටුව කරු පරණවිතානට

Thursday, 22 August 2024 - 9:38 am

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රිත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඊයේ (21) ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා තේරී පත්වීමට නියමිතව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කරුණාරත්න පරණවිතාන මහතායි.

සමගි ජන බලවේගයෙන් ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කර එම පක්ෂයේ මනාප ලැයිස්තුවේ 04 වැනි ස්ථානය ලබාගෙන තිබුණේ ඡන්ද 36,787ක් ගනිමිනි. රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2020 වසරේ මන්ත්‍රීවරුන් තිදෙනකු තේරි පත් වූ අතර වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, වරුණ ලියනගේ සහ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ. 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කර කරුණාරත්න පරණ විතාන මහතා පස් වන ස්ථානය හිමිකරගෙන පාර්ලිමේන්තුව සඳහා තේරී පත් විය.

ඒ මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය, වෘත්තිය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුර දරනු ලැබීය.

කරුණාරත්න පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT