Local

සංවර්ධන ව්‍යාපෘතිවලට දේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශනය ගත යුතුයි – ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි

Monday, 01 April 2024 - 8:23 am

රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශීය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය කරයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ (28) බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැති ‘රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ’ 43 වැනි වාර්ෂික සම්මේලනයට සහභාගි වෙමිනි.

විදේශීය ඉංජිනේරුවන්ට, නොදෙවැනි ලෙස කුසලතා සහිත ඉංජිනේරුවන් අප රටේ සිටින බවත් එසේ සිටියදී අත්‍යවශ්‍ය තත්ත්වයක් හැරෙන්නට විදේශ ඉංජිනේරුවන්ගේ විශේෂඥ සේවය ලබා ගැනීම වැදගත් නැති බවත් පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,

‘ලෝකයේ බොහෝ රටවල් විදේශ ණය ලබාගෙන සංවර්ධන ව්‍යාපෘති දියත් කරනවා. අපත් එහෙමයි. ඇතැම් ණය දෙන ආයතන කොන්දේසි පනවනවා. ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට විදේශ උපදේශකයන්ගේ සේවය ලබා ගන්න කියලා. ණය ගන්නෙ අපි. ණය ගෙවන්නෙත් අපි. ඒ නිසා විශාල මුදල් ගෙවා අපට විදේශ ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදෙස් අවශ්‍ය නැහැ. අපේ රටේ දක්ෂ ඉංජිනේරුවො ඉන්නවා. ඔවුන්ගේ සේවය අපේ රටට ලබා ගන්න පුළුවන්. මම වාරිමාර්ග අමාත්‍යාංශය භාර ගත්තට පස්සෙ ණය දෙන විදේශ ආයතන සමඟ තිබුණ සාකච්ඡාවලදී අපට විදේශ ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන අවශ්‍ය නැති බව පෙන්වා දුන්නා. වර්තමානයේ අප මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉංජිනේරුවන් රට හැර යෑම වර්ධනය වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ සිය වෘත්තීය ගරුත්වයට සහ ජීවන තත්ත්වයට සරිලන ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ උසස්වීම් අහිමි කර තිබීමයි.’

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු, විද්‍යාජෝති, ආචාර්ය ඒ.ඩී.එස්. ගුණවර්ධන, අග්‍රාමාත්‍ය උපදේශක සිසිර වික්‍රමාරච්චි, රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු බී. කුමුදුලාල්, එහි ලේකම් ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහත්වරුන් ඇතුළු රාජ්‍ය ඉංජිනේරු සංගමයේ නිලධාරීන් ඇතුළු සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT