Local

වලව් බලය අවසන්.. සහෝදරයෙක් ජනාධිපති වුනා..

Tuesday, 29 October 2024 - 9:48 am

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපතිවීමත් සමඟ රට පාලනය කළ වලව් කිහිපයක පාලන බලයද බිඳ වැටී ඇති බව ජාතික ජනබල වේඟයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නෙ ජනතාවට තමන්ට ජීවත්විය හැකියැයි විශ්වාසය තිබෙන රටක් ගොඩනැගිය හැක්කේ වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවයි.

ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ මාතර දිස්ත්‍රික් මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වෙමිනි.

එහිදී මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මෙසේද පැවසීය.

‘මම දේශපාලනය ඉගෙන ගත්තෙ සමාජය සමඟ ගැටීමෙනුයි. පස්සෙ කාලෙක උසාවියෙදිත් මිනිස්සුට වෙච්ච අසාධාරණය මම දැක්කා. සමාජ අසාධාරණය මම දැක ගත්තෙ මම දේශපාලනයට ආවේ ඒ ගැටීමේ ප්‍රථිඵලයක් විදියටයි.

මේ සමාජ අසාධාරණකම් ගැන පුවත්පත්වලට ලිපි ලිව්වා. ඒ ගැන කතා කිරීම හැරැණුකොට මම දේශපාලනය කළේ නැහැ. නමුත් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයගෙ ඉල්ලීම මත මම දේශපාලනයට ආවා.

සර්වජන ඡන්ද බලය ලැබුණයින් පසුව ලංකාවේ දේශපාලනය සාමාන්‍ය මනුස්සයෙක් අතට පත්වෙන තත්ත්වයක් තිබුණේ නැහැ. සාමාන්‍ය මිනිස්සු දේශපාලනයේ හිටියත් ඒ අයට උඩට එන්න අවස්ථාව තිබුණේ නැහැ. හැමදාම මේ රට පාලනය කළේ සේනානායකවරු, බණ්ඩාරනායකවරු, වික්‍රමසිංහලා,රාජපක්ෂලා වගේ එකතරා ප්‍රභූ පැලැන්තියක්.

ඒ නිසා අපි මෙච්චරකල් හිටියෙ ප්‍රභූ දේශපාලනයක පාලිතයන් විදියටයි. ඔවුන් හිතන මතන විදියටයි මෙච්චරකල් අපිව පාලනය වුණේ. සමස්තයක් ලෙස ඒ පාලකයන්ට අපිව පෙනුණේ ඔවුන්ගේ ගොවිපළක් වගෙයි. ඒ ප්‍රභූවරුන් අපිව පාලනය කළේ මානසිකත්වයේ සිටිමිනුයි.

ඒ දුර්ධාන්ත පාලනය තුළ අපි අත්විඳපු කණගාටුදායක සිදුවීම් බොහෝමයක් තිබෙනවා. 80 ජූලි වර්ජනය වෙලාවේ රාජ්‍ය සේවයේ බොහෝ පිරිසකගෙ රැකියා අහිමි කරනවා. ජයවර්ධන රජය සමයේ ක්‍රියාත්මක වූ 83 කළු ජූලිය ඒත් එහෙමයි. එදා ඒ අවාසනාවන්ත සිදුවීම් ඇස් දෙකෙන් දැකපු මිනිස්සු අපි.

එදා ජයවර්ධන ජනාධිපතිවරණයට තමන්ගේ පාලනය සාක්ෂාත් කරගන්න දේශපාලන පක්ෂ තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පටන් ගත්තා. ජේ.ආර් දකුණේ ජ.විපෙ තහනම් කළා . ඒ වනවිට උතුරේ සන්නද්ධ කණ්ඩායම් පහක් ක්‍රියාත්මක වුණා.ඒ සන්නද්ධ කණ්ඩායම් පහ තමයි ටෙලෝ,එල්.ටී.ටී.ඊ, ඊරෝස්.ඊ.පී.ආර්.එල්එෆ්.ප්ලොට් සංවිධානය. එදා ජේ.ආර් ජ.වි. පෙ තහනම් කරලා, පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ නියෝජනයකුත් නැතුව තමයි 82 ජනමත විචාරණයට ගියේ. ඒ තමන්ගේ පාලන බලය රැක න්නයි. ඒ අසාධාරණකමේ දිගුවක් විදියට තමයි මේ රටේ තිස්අවුරුදු යුද්ධය ඇති වෙන්නෙ. මේ රටේ ප්‍රභූ දේශපාලනය හැමදාම තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වුණා.

නමුත් අරගයේ මූලික අරමුණ වුණේ සිස්ටම් චේන්ජ් එකක් සිදු කිරීමයි. මේරටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. ලංකාවේ ප්‍රභූ දේශපාලනය අවසන් කරමින් රටේ නායකත්වයට අනුර සහෝදරයා පත්වුණා. වලව් කීපයක පාලන බලය දැන් අවසන් වෙලා.අපිට දැන් අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටුකරන්න පාර්ලිමේන්තු බලය අවශ්‍යයි. රටින් එලියට ගෙනියපු සල්ලි නැවත රටට ගේන්න, හොරැන්ට දඬුවම් දීලා සංවර්ධිත රටක් හදන්න අලුත් නීති ගේන්න ඕන. ඒ සඳහා ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන. තමන්ට ජීවත්වෙන්න පුළුවන් කියල හිතෙන රටක් නිර්මාණය කරන්න පුළුවන් අනුර කුමාර දිසානායක සහෝදරයගේ වැඩපිළිවෙළ විශ්වාස කිරීමෙන් පමණයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT