Local

ලන්දේසින්ගේ VOC තැටියක් සහ කාසි සමග අයෙක් අත්අඩංගුවට…

Thursday, 17 October 2024 - 7:15 pm

ලන්දේසි යුගයට අයත් VOC තැටියක් සහ කාසි දෙකක් රු ලක්ෂ 20 කට අලෙවි කිරිමට පැමිණි පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් (16) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි අවු 41 හැවිරිදි සැකකරු VOC තැටිය සහ කාසි දෙකක් හැටන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට රු ලක්ෂ 20 කට අලෙවි කිරිමට පැමිණි සිටින බවට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තැටිය සහ කාසි දෙක සැකකරුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සැකකරු කිසිවක් නොපවසන බවත්, එම තැටිය සහ කාසි දෙකෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් තහවුරු කර ගැනිම සදහා විමර්ෂණයක් සිදු කරන ලෙසට පුරවිද්‍යාත්මක දෙපාර්තුමේන්තුවට දැනුම් දුන් බවයි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු (17) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT