පහුගිය කාලයේ හිටපු දේශපාලඥයන්ගේ, මැති ඇමැතිවරුන්ගේ රාජකාරිය අංක 1, කීයක් මට ලැබෙනවාද කියන එක! ඉතින් ඒක හොඳ එකක් නෙවෙයිනේ.
ජේ.ආර්.ගෙන් පස්සේ මේ රටේ දේශපාලනය තනිකරම හම්බ කරන දේශපාලනයක් බවට පත් වුනා.
ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරගන්න ඕනේ! ඒක ක්ලීන් කරගන්නේ නැතුව මේ රට ගොඩගන්න බෑ.
පහුගිය ආණ්ඩුවෙත් හිටියා - හොඳටම හම්බ කරපු අය හිටියා. දැන් ඔය අහුත් වෙයි!
ඒ නිසා, ඒ දේශපාලන මංකොල්ලකෑම්, අල්ලස, දූෂණය වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් නොකර මේ රට ගොඩනගන්න බෑ.
යම් මට්ටමකට හුඟක් දේවල් ගන්න පුළුවන්. මේ ලංකාවේ ඔය එක එක්කෙනාගේ නමින් තියෙන ඔය ලොකු, අළුතෙන් හැදිච්ච ව්‍යාපාර කාගෙද කියලා ඇත්තටම බලපුවාම ඔය හොරු සමහර අය අල්ලගන්න පුළුවන්
නමුත්, හැබැයි මේ වංචාව, හොරකම, දූෂණය මේ රටෙන් නැති කරන්න ඒ Clean Sri Lanka වැඩපිළිවෙළ හරහා උත්සාහ කිරීම ඉතාම හොඳයි.