Local

ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා.. ණය ගන්නවා.. ගෝඨාභය යුගය යලි සිහිවෙනවා….

Monday, 28 October 2024 - 7:32 pm

රජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර, පිළිගත් සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණයක් භාවිත කරමින් ‘සල්ලි අච්චු ගැසීම‘ ආරම්භ කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක සමගි ජනබලවේගයේ නායිකා රෝහිණී කවිරත්න පවසයි.

කෙටි කාලීන මුදල් සම්පාදනය යාන්ත්‍රණය ලෙස ක්‍රියත්මක වාර වෙන්දේසිය (Term auction) හා එක්රැය වෙන්දේසිය (ove ight auction) හරහා මහ බැංකුව මුදල් මවමින් සිටිනවා.

ශ්‍රි ලංකා මහ බැංකුව 2024 ඔක්තෝබර් 25 (සිකුරාදා) දින රු. බිලියන 36.16 ක මුදලක්, වෙන්දේසියක් හරහා (ove ight auction) රටේ මුදල් පද්ධතියට පොම්ප කර තියෙනවා. එහි සරළ ව්‍යවහාරික අර්ථය, ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 36.16 ක් එමගින් අච්චු ගසා ඇති බවයි.

පසුගිය සතියේ දින 7 තුල මහ බැංකුව වාර වෙන්දේසි මගින් (Term auction) මගින් අච්චු ගසා ඇති මුදල රු. බිලියන 70 කි.

2024 ඔක්තෝබර් 25 දින වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැම්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන 193.4 කි. මසකට පෙර, එම අතිරික්ත ද්‍රවශීලතාව රු. බිලියන 138 ක් ලෙස පැවතුණි. ඒ අනුව මසක් තුල අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity) රු. බිලියන 55.4 කින් ඉහළ ගොස් තියෙනවා.

හෙට (ඔක්. 28) දිනයේ දී රජය භාණ්ඩාගාර බිල්පත් හරහා තවත් රු. කෝටි 14,500 ක් හෙවත් රු. මිලියන 145,000 ක ණයක් ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරනවා.

රටේ උද්ධමනය පාලනය වෙන්නටත්, ආර්ථික ස්ථාවරත්වය ඇති වන්නටත් සල්ලි අච්චු ගැසීම පාලනය විය යුතුයි. නමුත්, ඉතා පැහැදිලිවම රෙට් ආර්ථිකය අඳුරු වැරදි මාවතකට ඇතුළු වන බව පෙනෙන්නට තියෙනවා, යැයි ද කවිරත්න මහත්මිය පැවසුවා ය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT