Local

දෙවෙනි මනාප හොරට ගැණලා.. මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්.. ප‍්‍රතිඵල ප‍්‍රමාදයි…

Sunday, 22 September 2024 - 5:26 pm

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර 2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50% පරම බහුතරය ලබාගැනීමට නොහැකිව මේ වනවිට දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණ.

මෙහිදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසනයක් මහතාට 42% සුළුතර ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිව තිබේ.

එමෙන්ම සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට 32% ප්‍රතිශතයක් ලැබී තිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර නැවත තරඟය පවත්වනු ලැබේ.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිලවශයෙන් දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කිරීමට පැවසීමට පෙර ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීමේ නිලධාරීන් විසින් දෙවන මනාපය ගණනය කිරීම සිදු කර ඇති බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසම වෙත සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ පිරිසක් විසින් සිදුකර තිබේ.

ඒ පිළිබඳව සොයා බැලූ මැතිවරණ කොමිෂන් සභාව එම ගණන් කිරීම් අවලංගු කොට නැවත මුල සිට දෙවන මනාපය ගණනය කිරීමට නියෝග නිකුත් කොට තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේ මාලිමාවට කෝටියක් නොමැති බවත්, 84 ලක්ෂයක් විරුද්ධ බවත්ය. එමෙන්ම ඒ මහතා පවසා සිටියේ වැඩි මනාප කවුරුන් ලබා ගත්තද ඔහුට සුබ පතන බවත් ගණන් කිරීමේ නිලධාරීන් විසින් සිදුකර ඇති මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාව නිසා තම අපේක්ෂකයාට යම් අසාධාරණයක් සිදුවේය යන සැකය නිසාවෙන් මෙම පැමිණිල්ල මැතිවරණ කොමිසම වෙත සිදුකරනු ලැබූ බවත්ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT