Local

මාර්ග දෙපස එක්රැස්ව සිටින වන සතුන්ට ආහාර දීමෙන් වළකින්න - වනජීවී අධ්‍යක්ෂ

Tuesday, 18 March 2025 - 2:24 pm

මාර්ගවල සිටින වන සතුන්ට ආහාර දීමෙන් වළකින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංජුල අමරරත්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේද වන සතුන්ට ආහාර ලබාදීම නීති විරෝධී ක්‍රියාවක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මීට අවුරුදු කිහිපයකට පෙර කතරගම - බුත්තල මාර්ගයේ අලි ඇතුන් සිටියේ කිහිප දෙනෙකු බවත්, පසුව වන්දනාවේ ගොස් පැමිණෙන පිරිස් ඔවුන්ට ආහාර ලබාදීමට පුරුදු වූ බවත්, ඒ නිසා මේ වනවිට එයට හුරු වූ අලි ඇතුන් මංකොල්ලකරුවන් ලෙස ආහාර නොදී යාමට ඉඩ ලබා නොදෙන තත්ත්වයක් මතුව ඇති බවත් ඔහු සඳහන් කළා.

අද එම සතුන් මාර්ගයේ ගමන් කරන ජනතාවට කරදරයක් බවට පත්ව ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංජුල අමරරත්න වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT